Sinhala Song Chords

The best collection of all sinhala songs.

Breaking

Showing posts with label chords. Show all posts
Showing posts with label chords. Show all posts

Saturday, July 21, 2018

Friday, June 22, 2018

Tuesday, October 13, 2015

12:24 PM

මගෙ ආදරේ තරම් | Mage Adare Tharam - Chandana Liyanarachchi

Song Title : මගෙ ආදරේ තරම් | Mage Adare Tharam 
Artist : Chandana Liyanarachchi 
Chord Key : F Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
මගෙ ආදරේ තරම් මගෙ ආදරේ තරම් 
මගෙ ආදරේ තරම් දන්නවනම් 
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම් 
මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් 
මම දුන්නු පෙම් හැඟුම් නෑ යළි අරන් 
නොහඬන්න මා ආදරේ රත්තරං 

1st Verse 
අහම්බෙන් ඇවිත් ළංවෙලා වෙනස් කළා මගෙ ජීවිතේ 
දුරස් වුනොත් මම නොසිතන ලෙසින් 
මියැදේවි මා ඔබ නැතිවුනොත් සොවින් 

2nd Verse 
හීන් ඇස් වලින් බල බල මතක් කළා මගෙ ආදරේ 
දුරස් වුනොත් මම නොසිතන ලෙසින් 
මියැදේවි මා ඔබ නැතිවුනොත් සොවින් 

Monday, September 28, 2015

12:16 PM

දුක තද කරන් | Duka Thada Karan - Senanayaka Weheraliyadda

Song Title : දුක තද කරන් | Duka Thada karan 
Artist : Senanayaka Weheraliyadda 
Chord Key : F# Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics 

Chorus 
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතුව නම් 
අපි හමුවුනත් ඉඳහිට යලිත් එක්වෙන්න බෑ කවදාකවත් 
නිතර වැටෙනා කඳුලට ඉතින් කතාකරගන්න පුලුවන්නම් 
කියයි හඬගා ඔබට මතුදා ඔබට මං ආදරෙයි කියලා 

1st Verse 
විටෙක ළංවෙලා විටෙක වෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේ 
කෙළවරක් සොයා තවම තැවෙනවා මැරි මැරී ජීවිතේ 
කොහොම පිළිගන්නේ මම නම් ඔබ දෑත අහිමී කියා 

2nd Verse 
නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ 
දැනෙන වේදන වචනයෙන් කියා ගන්න බෑ පණ මගේ 
නොදැක හිනැහෙන්නේ කොහොමැයි කියාදෙන්න ඇවිදින් සොයා


Saturday, September 26, 2015

4:59 PM

ආදරේට කියන කතා | Adareta Kiyana Katha - Clarence Wijewardana

Song Title : ආදරේට කියන කතා | Adareta Kiyana Katha 
Artist : Clarence Wijewardana 
Chord Key : E Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ආදරේට කියන කතා බොලඳ වුනාට 
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...// 

1st Verse 
ත‍ටු සිඳිලා වැලපෙනවා 
සිත බිඳිලා හිනැහෙනවා 
මල් ඇතුරූ සුව යහනේ 
මල් අතුරා පවන් සැලූ 
ආදරවන්තයින් පෙලූ 
බොලඳ කතා 

2nd Verse 
මල් ගොමුවේ තුරු සෙවනේ 
හමුවෙනවා වෙන්වෙනවා 
උයන් කොනේ අවන්හලේ 
උයන් කොනේ හමුවෙනවා 
අවන්හලේ වෙන්වෙනවා 
බොලඳ කතා


Thursday, September 24, 2015

5:21 PM

අශෝක මල් මාල නෙළාලා | Ashoka Mal - M S Fernando

Song Title : අශෝක මල් මාල නෙළාලා | Ashoka Mal Maala Nelaala 
Artist : M S Fernando 
Chord Key : C Major 

sinhala song chords
sinhala song chords 

Lyrics  

Chorus 
අශෝක මල් මාල නෙළාලා 
අශෝක මල් උයනට වැඩිලා  
ශෝක නිවන ගීත ගයාල 
ඔබ කවුරුද කියන්න මලා...// 

1st Verse 
බලන්න ලස්සනයි 
වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ  
සුරන්ගනාවියක්ද මේ 
කියන්න ආදරේ 
කවුද මේ ඔබ තනිව වනයෙ ගී ගයා  
ප්‍රීති වෙලා ප්‍රීති වෙලා 

2nd Verse 
ඔබෙ දුගී පැලේ 
සතුට සැපත මිහිරි සුවය ඇත ලඳේ  
නැතේ ම රාජ මන්දිරේ  
නොයන්න ආදරී  
ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා 
එපා එපා රජ සැපා 


Tuesday, September 22, 2015

7:40 AM

මලක් වගේ බලන්නකෝ | Malak Wage - Namal Udugama

Song Title : මලක් වගේ බලන්නකෝ | Malak Wage Balannako 
Artist : Namal Udugama 
Chord Key : A Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
මලක් වගේ බලන්නකෝ මා දිහා  
සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා  
පෙමක් නිසා විඳින්නෙපා වේදනා 
අලුත් වසන්තයක් ඇවිල්ලා කියා 
මල මිලාන වීදෝ සිත හඬා වැටෙයිදෝ 
මල මිලාන වීදෝ සිත හඬා වැටෙයිදෝ 

1st Verse 
ඇලේ දොලේ වෙලේ රිදී සිනා නැඟේදෝ  
සරුංගලේ නිලම්බරේ ඇදී ගියාදෝ 
පියුම් ගෙනා කුරුලනුත් ගමෙන් ගියාදෝ  
පෙමින් උපන් කතන්දරේ නිමා උනාදෝ  
හද පතා හිඳියිදෝ ඔබ මගේම නේදෝ 
හද පතා හිඳියිදෝ ඔබ මගේම නේදෝ 

2nd Verse 
සැඳෑ වලා පෙලින් පෙලේ මුවා උනාදෝ  
සුරන්ගනා කතා අසා මුලා වුනාදෝ 
ගමින් එහා රටින් එහා පලා ගියාදෝ 
නෙලුම් මලේ අනේ ඔයා කොහේ ගියදෝ 
මල නෙලා ගනියිදෝ පර වෙලා ගියාදෝ 
මල නෙලා ගනියිදෝ පර වෙලා ගියාදෝ 

Thursday, September 17, 2015

4:28 PM

සිහින ලොවක් | Sihina Lowak -Clarence Wijewardana

Song Title : සිහින ලොවක් | Sihina Lowak 
Artist : Clarence Wijewardana 
Chord Key : A major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
සිහින ලොවක් දු‍ටුවා මතකයි... 
සිහින ලොවින් ආවා මතකයි... 

1st Verse 
සොඳුරු මිහිරි සුව.. පහස ගෙනෙන ඒ..  
ආදර බර උණුසුම මතකයි... 
ඉර සඳ තරු කැට පායන මිහිපිට..  
ආදරයෙන් බැඳුනා මතකයි... 

2nd Verse 
අප හදවත් ඒ.. නොමියෙන ලෙස බැඳි..   
ආදරයෙන් වෙලුනා.. මතකයි..  
සිතට දැනෙන සුව.. ගතට දැනෙන බව..  
ඔබ රහසින් කීවා මතකයි .. 

Tuesday, September 15, 2015

8:57 AM

මං අහන්නෙ නම් නෑ | Man Ahannenam - Laxman Hewawitharana

Song Title : මං අහන්නෙ නම් නෑ | Man Ahannenam 
Artist : Laxman Hewawitharana 
Chord Key F Minor 

sinhala song chords
SInhala Song Chords  

Lyrics  

Chorus 
මං අහන්නෙ නම් නෑ රත්තරනේ 
දුක දරා ගත්තෙ කොහොමද කියලා 
මට දුරින් උන්න කාලෙදි දැනුනා 
මං මට විතරක් අයිති නෑ කියා  

1st Verse 
හිස තියාන මා ලය මඬල පුරා 
උනු කඳුලු වලින් නම් තෙමන්නෙපා 
මගෙ ලයෙ කඳුලු ඇහෙරෙන හින්දා 
දැන් හිනාවෙන්න මා දිහා බලා 

2nd Verse 
එක කඳුලක සීතල වුනත් එදා 
අපි දෙකට බෙදාගෙන විඳ ගත්තා  
ඒ සීතල යලි නුඹ ලඟ තියලා  
රත්තරනේ මන් යන් නෑ කිසිදා 

Thursday, September 10, 2015

8:28 AM

පින්තාරු පෙම්වතිය මාගේ | Pintharu Pemwathiya - Harsha Danosh

Song Title පින්තාරු පෙම්වතිය මාගේ | Pintharu Pemwathiya 
Artist : Harsha Danosh 
Chord Key : G Major 


sinhala song chords
Sinhala Song Chords  

Lyrics  

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ


හිත් බිතුවේ හිස් අවකාශයේ
තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ
කටු සටහන් කල රෑපාශයේ
සිරවේ මා ආදර ක්ලේෂයේ

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

සඳ රවටා සුදු පැහැ ගමි සොරා
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ

ලෝකයම ගෙන අඳිමි
ඇය මනාවා 
ඒ නැමදුම් මගහැරැණි
පෙම් හිනාවා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

Thursday, August 13, 2015

9:30 AM

දුවේ හර්ශනී | Duwe Harshani - Milton Mallawarachchi

Song Title : දුවේ හර්ශනී | Duwe Harshani 
Artist : Milton Mallawarachchi 
Chord Key : D Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
හෙමින් සැරේ පා නඟනා දුවේ හර්ශනී 
සිනා සිසී දඟ කරනා දුවේ හර්ශනී 
දුවේ හර්ශනී 

1st Verse 
ජීවිතයේ මාළිගාව 
සතුට පුරා දී මනාව 
වාසනාව මට ගෙනාව 
කැකුළු සුවඳ කිරි සිනාව 
මල් සුවඳයි කිරි සුවඳයි 

2nd Verse 
රෝස මලක පාට ගෑව 
ආකාශේ හැන්දෑවක 
ඈත ඇදෙන කුරුළු රෑන 
ගයන ගීත ඉල්ලාගෙන 
මුමුනන්නම් නළවන්නම් 

Wednesday, August 12, 2015

3:03 PM

ආදරේට කියන කතා | Aadareta Kiyana Katha - Clarence Wijewardana

Song Title : ආදරේට කියන කතා | Aadareta Kiyana Katha 
Artist : Clarence Wijewardana 
Chord Key : E Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ආදරේට කියන කතා බොලඳ වුනාට 
සාගරේට ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...// 

1st Verse 
ත‍ටු සිඳිලා වැලපෙනවා 
සිත බැඳිලා හිනැහෙනවා 
මල් ඇතුරූ සුව යහනේ 
මල් අතුරා පවන් සැලූ 
ආදරවන්තයින් පෙලූ බොලඳ කතා 

2nd Verse 
මල් ගොමුවේ තුරු සෙවනේ 
හමුවෙනවා වෙන් වෙනවා 
උයන් කොනේ අවන්හලේ 
උයන් කොනේ හමුවෙනවා 
අවන්හලේ වෙන්වෙනවා බොලඳ කතා 

Tuesday, August 11, 2015

7:53 PM

වත්සුණු සුවඳින් | Wathsunu Suwandin - Somathilaka Jayamaha

Song Title : වත්සුණු සුවඳින් | Wathsunu Suwandin 
Artist : Somathilaka Jayamaha 
Chord Key : D Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා 
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා 
ආසිරි මංගල ගී පැතිරේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

1st Verse 
බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා 
සිඳු කුස වන් ගං කොමළිය සේයා...// 
සිසි වත තුරුලෙහි සාමුව සේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

2nd Verse 
නළලත තිලකය මෙන් සසැඳේයා 
සසර පුරා පැතුවයි පැවසේවා...// 
කුළඟනකගෙ යහගුණ කියවේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

Sunday, August 9, 2015

8:00 AM

ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata - Dhanapala Udawaththa

Song Title :ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata 
Artist : Dhanapala Udawaththa 
Chord Key : F Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ 
යටිපළු දෙකම දැවෙනවා 
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ 
දහදිය මුගුරු ගලනවා 
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ 
මොරදී උගුර රිදෙනවා 
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි 
චිරි චිරි ගාල හඬනවා 

1st Verse 
පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි 
හවසට දෙන්නම ඕනේ 
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත් 
බැනගෙන ගෙදරට එන්නේ 
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු 
බෙහෙතත් කොහොමද ගන්නේ 
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ 
කොහොමද නිකම්ම යන්නේ 

2nd Verse 
වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො 
මොකදැයි මාළු නොකන්නේ 
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු 
අයගෙන් මාළු අරන්නේ 
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත් 
ණයටනෙ අද ඉල්ලන්නේ 
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ 
විසඳුම දෙන්නට ඉන්නේ 





Saturday, August 8, 2015

8:46 AM

උමතු කලා | Umathu Kala - Chamara Weerasinghe

Song Title : උමතු කලා | Umathu Kala 
Artist : Chamara Weerasinghe 
Chord Key : F Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
උමතු කලා මා උමතු කලා 
ආදරයෙන් මා උමතු කලා 
නිගා කලා ඔබ නිගා කලා ආදරයට ඔබ නිගා කලා 

1st Verse 
ඇස ඉතිරි කලේ එක උනු කඳුලක් පමණයි 
මදු කුසලානය තුල තිබුනේ විෂ මතුවයි 
නුඹ ‍රැඳුනේ හීසර වන් සරදම් වචනයි 
ඔබ විහිලු කලේ මගෙ ජීවිතයත් සමගයි 

2nd Verse 
ජය ලතාවකට කළ ඉඟි බිඟි හරි සොඳුරුයි 
තව වතාවකට ඒ ඉඟියෙන් හරි කුරිරුයි 
නව කතා වගේ කළ කතා හරිම මියුරුයි
ඔබ නිගා රසට ගෙතු මුස වාදන් කුරුරුයි

Friday, August 7, 2015

7:57 AM

දුරස් වන්නට මේ ලෙසින් | Duras Wannata - Dayarathna Ranathunga

Song Title : දුරස් වන්නට මේ ලෙසින් | Duras Wannata Me Lesin 
Artist : Dayarathna Ranathunga 
Chord Key : C Major 

sinhala song chords
Sinhala Sobg Chords 

Lyrics  

Chorus 
දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමු වුනේ... 
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුනේ... 

1st Verse 
අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද...// 
පුංචි ළදැරියක් වගේ සුරතලින් 
ඔබ හිනැහුන ඒ කාලය මතකද... 

2nd Verse 
අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙන්නා මැවු කාලය මතකද...// 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 
ඔබේ ළඟින් උන් කාලය මතකද... 

Thursday, August 6, 2015

8:06 AM

පිවිතුරු සිතින් | Piwithuru Sithin - Sisira Senarathna

Song Title : පිවිතුරු සිතින් | Piwithuru Sithin 
Artist : Sisira Senarathna 
Chord Key : D Minor 


sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
පිවිතුරු සිතින් එනු මැන ලඳේ 
අවසන් සුසුම් ගිලිහෙන දිනේ 
මට පැන් පොදක් අරන් දෝතින් 
එතුවක් දුරින් ඉන්න ඈතින් 

1st Verse 
ඔබ මා ළඟින් වෙළී බැඳී 
ළතැවුල් මවා ගියා ඇදී...// 
ඒ දුක් ‍රැහැන් වලින් මිදී 
අද මම විඩා හරින්නෙමි 

2nd Verse 
තනිකම වගේ සුවක් ලොවේ 
මිනිසත් භවේ තවත් නොවේ...// 
මනසින් ලබන්න හැකි සුවේ 
අප ළංවුනොත් දුරස් වෙතේ